යෞවන සමාජ සාමාජිකයන්ට රක්ෂණාවරණයක් | දිනමිණ

යෞවන සමාජ සාමාජිකයන්ට රක්ෂණාවරණයක්

දිවයින ජුරා විසිරී සිටින යෞවන සමාජ තරුණ,තරුණියන් සඳහා රක්ෂණ ආවරණයක් ලබා දීමට ජාතික තරුණ සේවා සභාව පියවර ගෙන ඇත.

වසර දෙකකට වඩා වැඩි කාලයක් කේෂත්‍රයේ නිරතවූ සාමාජික,සාමාජිකාවන්ට මෙම රක්ෂණ ආවරණය ලබා දෙති.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති,අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ උපදෙස් පරිදි මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී හදිසි යෞවන සමාජි සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්වුවහොත් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට රක්ෂණ යෝජනා ක්‍රමය මගින් සිදු කර ඇත.

අනුග්‍රාහක ආයතනයක මුල්‍ය ආයතනයක සහාය ලබා ගනිමින් රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

ඉතිහාසයේ පළමුවරට මෙවැනි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබේ. 1983 වසරේ දී යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ වූ අතර යෞවන සමාජ තරුණ,තරුණියන් ලක්ෂ 5 කට වැඩි පිරිසක් සාමාජිකත්වය ලබා ඇත.

(ටී.කේ.මහින්ද - වැලිගම සමූහ)

නව අදහස දක්වන්න