ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය | දිනමිණ

ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ.

නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි සැළකෙන චිත්‍ර විස්සෙන් එකක් වේ.

වසර 12ක පමණ කාලයක සිට මෙම චිත්‍රය අතුරුදන්ව පැවතුනි.

‘සැල්වේටර් මුන්ඩි’ ලෙසින් මෙම චිත්‍රය නම්කර තිබේ.

මෙම චිත්‍රය ලොවපුරා සංචාරය කරවීමට ද චිත්‍රය භාරව කටයුතු කරන සංවිධායකයින් තීරණයකර ඇතැයි වාර්තාවේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...