විසදුම් ලැබෙන තුරු වර්ජනයේ - UPDATE | දිනමිණ

විසදුම් ලැබෙන තුරු වර්ජනයේ - UPDATE

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබේ.

ඔවුන් අද පස්වරුවේ වර්ජනය ආරම්භ කළේ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමිනුයි.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් අද පස්වරුවේ අවලංගු කෙරිණ.

දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි - UPDATE

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් අවලංගුකර කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 

ඒ දුම්රිය රියදුරන්ගේ  හා නියාමකවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන්.

 

නව අදහස දක්වන්න