වන රෝපා රුක්රෝපණ වැඩ සටහනේ සමාරම්භය අද | දිනමිණ

වන රෝපා රුක්රෝපණ වැඩ සටහනේ සමාරම්භය අද

ශීලා උඩුවර

ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දෙල්තොට කන්දෙතැන්න වැව් පරිශ්‍රයේදී අද (11) පැවැත්වේ.

සොබාදහම රැකගැනීමේ සංකල්පය අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ්‍ය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පුනරුදය පරිසර සංරක්ෂණ වැඩ සටහනේ ප්‍රධාන අරමුණ වන ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීම හා වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනෙහි ප්‍රතිපාදන මත ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද, මෙදින සිදුකෙරේ. වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පාසැල් සිසුන් වෙත පළතුරු පැළ බෙදාදිම හා පාංශු සංරක්ෂණ වැඩසටහන් සඳහා මුල්‍ය ප්‍රතිලාභ ලබාදිමද ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. අඹ, පේර, දෙළුම්, දෙහි සහ බෙලි, පැළ 3000 ක් ජනතාව අතර බෙදා දිමද, පැළ සිටුවිමට සහභාගිවන පැසැල් සිසුන් සඳහා වනරෝපා හිස්වැසුමක් බැගින් හා පරිසර තොරතුරු කට්ටලය බැගින් ලබාදීමටද නියමිතය. 1984 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ජනතා අයිතියට පත්කරන ලස කන්දෙතැන්න ජලාශය ආශ්‍රිත ජලපෝශක කලාපය හායනයට සහ පඅංශ්‍රඛාදනයට ලක්ව ඇති බැවින් එම පාංශුඛාදන තත්වයට පිළියම් ලෙස පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සහ වන වැස්මක් ඇති කිරීමද, උළෙලට සමගාමිව සිදුකෙරේ.

ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය අළලා සැකසු අත් පොතක්ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විමට නියමිතය. 

අදහස් 1ක් ඇත

meya lokaya araksa kirimayi, in api araksa wannoya!

නව අදහස දක්වන්න