කඩකෑම කන්නෙ බලාගෙන | දිනමිණ

කඩකෑම කන්නෙ බලාගෙන

වර්තමානය වනවිට වෙළෙඳ පොළේ විවිධ රසයෙන්, විවිධ හැඩයෙන් යුතු පැණි රස කෑම වර්ග බොහෝ සේ දැකිය හැකි ය. එසේ විකුණන මේ ආහාර, කෙතරම් සෞඛ්‍යාරක්ෂිතද කියා ඔබ නිකමටවත් සිතුවාද?

වෙළෙඳ පොළේ තිබෙන මේ පැණි රස කෑම වර්ග සෑදීමට, පිරිසුදු පොල් පැණි, සීනි භාවිත කරන්නේ කීයෙන් කීදෙනාද? සීනි, පැණි වෙනුවට ආදේශකයක් වන සැකරින් නමැති ද්‍රව්‍ය භාවිත කර ආහාර ද්‍රව්‍ය නිපදවීම, අද වනවිට බහුලවම සිදුවේ. සීනි පැණි වෙනුවට තහනම් කරන ලද සැකරින් යොදාගෙන ආහාරයට පැණි රස කෘත්‍රිමව ලබා දීමට ඔවුහු ක්‍රියා කරති.

සැකරීන් යනු, පිළිකාකාරකයක් බව වගකීමෙන් ප්‍රකාශ කළ යුතු ය. එමනිසා, පැණි රස සැම දේ ප්‍රවේශමෙන් ආහාරයට ගත යුතු ය. වෙළෙඳ පොළේ සැකරින් අඩංගු කෑම භාවිතය අද ඉතා ප්‍රචලිතව ඇත. සීනි මුරුක්කු, සීනි කෑලි වැනි කෑම ඉතා විෂ ය. එහෙත්, අවාසනාවන්ත කරුණ නම්, පාරිභෝගිකයාට මේ ආහාර හඳුනා ගැනීම අපහසු වීම ය. එමනිසා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීම වන්නේ, එවැනි ආහාර නිපදවන නිෂ්පාදනාගාර, භෝජනාගාර වෙළෙඳසැල් වටලා, නියමිත ප්‍රමිතියකින් තොරව නිපදවන ආහාර වෙළෙද පොළෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ය. ජනතාව දැනුම්වත් කිරීම ය. සැකරීන් නමැති ද්‍රව්‍ය අස්ථි දිරායාම වේගවත් කරයි. එමනිසා, එය අස්ථි සම්බන්ධ රෝගවලට ද හේතුවකි. එසේ ම, සැකරීන් යනු ආහාර පනත මඟින් තහනම් කළ රසකාරකයකි. එමනිසා, මෙවැනි ආහාර නිපදවන වෙළෙඳසැල් හිමියන් නීතියේ රැහැනට හසුකර ගත යුතු ය.

තොරතුරු පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා
පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

යශෝදා ඉන්දීවරී 

 

නව අදහස දක්වන්න