සීඩී තැටියෙන් කැඩපතක් හැඩගන්වමු | දිනමිණ

සීඩී තැටියෙන් කැඩපතක් හැඩගන්වමු

නවීන තාක්ෂණයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු දත්ත ගබඩා කිරීමේ ක්‍රමය තමයි සීඩී තැටි කියන්නේ. සීඩී තැටියක් බොහෝම පරිස්සමින් පාවිච්චි කළ යුතුයි. එක තැනක් හෝ සීරුනොත්, කොයි තරම් වැදගත් දත්ත ගබඩා වෙලා තිබුණත් ඒවා විනාශ වෙනවා. එත් හැමෝම කාර්යබහුල නිසා සීරිලා, දුර්වර්ණ වෙලා ඉවත් කරන සීඩී තැටි, කාර්යාලවල, නිවෙස්වල ගොඩගැහිලා. ඒවා දිරන්නේ නැති නිසා, පරිසරයටත් අහිතකරයි. සීඩී තැටිවලින් අලංකාර නිර්මාණ කරන එක, වර්තමානය වනවිට ජනප්‍රිය දෙයක් . මේ ඒ වගේ එක නිර්මාණයක්.

ගෙදර තිබෙන කණ්ණාඩියක් (කැඩපතක්), තවත් අලංකාරවත් නිමාවක් බවට පත් කරන්න මේ සීඩී තැටි යොදා ගෙන තියෙන ආකාරය අපි බලමු. මුලින්ම ඒ වගේ කැඩපතක රාමුවක් ගන්න. හොඳින් ඇලවෙන ගම් එකක් මේ සඳහා අවශ්‍යයි. හොඳින් කැපෙන කතුරකින් සීඩී කැබැලි කපලා, රාමුව වටේට ගම් ගාලා, තමන් කැමැති රටාවකට කැබැල්ලෙන් කැබැල්ල අලවා ගැනීමයි කරන්න ඕනේ.

දැන් බලන්න මේ නිර්මාණය බිත්තියේ එල්ලලා තියෙනකොට කොයි තරම් ලස්සනද? මේ විදිහට ෆොටෝ රාමුවක් වුණත් ලස්සන කර ගන්න සීඩී තැටි යොදා ගන්න පුළුවන්.

අන්තර්ජාලයෙනි

චින්තා රණසිංහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...