මෝදිට පෙම් බදින නව පෙම්වතියක් | දිනමිණ

මෝදිට පෙම් බදින නව පෙම්වතියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව නොබෝ දිනයකදී තමා විවාහක කර ගන්නා බව පවසා කාන්තාවක් සත්‍ය ග්‍රහායක නිරතව සිටින පුවතක් නව දිල්ලී නුවරින් වාර්තා වේ.

මාසයකට ආසන්න කාලයක් මෙම කාන්තාව නව දිල්ලි නුවර මෙලෙස සත්‍ය ග්‍රහායක නිරතවී ඇති බව ඉන්දිය වාර්තා සදහන් කරනු ලැබේ.

ඇයගේ අතේ මෝදිගේ ඡායාරූප රුසක් ඇති අතර “ මම මෝදිව විවාහක කර ගන්නවා” යනුවෙන් ලියු බෝඩ් කැබලිද ඇති බව සඳහන්ය.

වයස අවුරුදු 40 ක් පමණ වන ඇය රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර්හි වෙසෙන ඕම් ශාන්ති ශාර්මා නම් කාන්තාවක් වේ.

තම රට කෙරෙහි එක් රාත්‍රියකින් ලෝකයේ අවධානය යොමු කළ මෝදි සමග ජීවත්වීමට තමා ප්‍රිය කරන බව ඇය පවසා සිටියි.

කෙසේ වෙතත් මාධ්‍ය කණ්ඩායමක් ඇයගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විවාහක කර ගැනීමට බලාපොරොත්තු වන හේතු විමසා තිබේ.

ඊට ඇය කියා සිටියේ මෝදි රටට සේවය කරනවා මම මෝදිට සේවය කරන්න කැමති යන්නය. තමන් මෝදිගේ මිල මුදල් හෝ ප්‍රසිද්ධියට පෙම් නොකරන බවත් ඇය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම කාන්තාව මීට පෙර විවාහක වූ අයෙකු වන අතර ඇයට වයස අවුරුදු 20 දියණියක් ද සිටින බව වාර්තා වේ.

නව අදහස දක්වන්න