රුසියාවේ වෙළඳ සංකීර්ණයක ගින්නක් | දිනමිණ

රුසියාවේ වෙළඳ සංකීර්ණයක ගින්නක්

රුසියාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

මොස්කව් අගනුවරට වයඹ දෙසින් පිහිටි සින්ඩිකා මෝල් නම් වෙළඳ සංකීර්ණයේයි ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි වෙළඳසැල් 1,200ක් පමණ ඇති බව සඳහන්ය.

ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

වෙළඳසැලේ රථවාහන නැවතුමේ තිබූ වාහන කිහිපයක් ගිනිගෙන ඇති අතර එය වෙළඳ සංකීර්ණය පුරා පැතිරගොස් තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇති බව වාර්තා වේ.

නව අදහස දක්වන්න