Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට කොළඹදී | දිනමිණ

Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට කොළඹදී

මිලියන 1.5කට අධික පොත්ප්‍රමාණයක් සහිත ලොව විශාලතම පොත් අලෙවිය පැය 24 පුරා පසුගියදා ආරම්භ විය. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙහි සමාරම්භක අවස්ථාව පසුගියදා පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්ව සිටි අතර , මෙම අවස්ථාව සඳහා Big Bad Wolf Books නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් මහතා, සම නිර්මාතෘ ජැකලින් Ng , ProRead Lanka (Pvt) Ltd අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24 පුරාම විවෘතව පැවතීමයි. පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11 ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම පොත් අලෙවිය පැය 255ක් විවෘතව තැබීමට නියමිතය. මෙම නිසා ඕනෑම වයසක පසුවන්නකුට සිය කැමැත්ත පරිදි පොත් තෝරා ගැනීම සඳහා කාලය ගැටලුවක් නොවනු ඇත. නවතම ඉංග්‍රීසි පොතපත සඳහා 60% සිට 80% දක්වා විශේෂ වට්ටම් මෙහිදී ලබාගත හැකිය. 

නව අදහස දක්වන්න