සැම්සුන් ගැලැක්සි Note 8 මෙරට වෙළෙඳපළට | දිනමිණ

සැම්සුන් ගැලැක්සි Note 8 මෙරට වෙළෙඳපළට

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම විසින් නවතම සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය නොබෝදා හඳුන්වා දෙන ලදී. මෙම දුරකථනය නවතම තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විශේෂාංග රැසක් සමඟින් වෙළඳපළට ඉදිරිපත් කර ඇත.

සැම්සුන් ගැලැක්සි Note 8 ස්මාර්ට් ජංගම දුරකථනය එක අතකින් පහසුවෙන් හසුරවාගත හැකි ලෙස නිර්මාණය වී තිබෙන පුළුල් තිරය මෙහි මූලික අංගයක් ලෙස සැලකෙන අතර Infinity Display නැමති තාක්ෂණයෙන් නිම කර ඇත. මීට අමතරව සන්නිවේදනය ඉතා පහසුවෙන් ක්‍රියාකිරීමට S Pen වැනි නවීණ අංගයන්ද මෙයට ඇතුළත් කර ඇත.

මෙහි ඇති ද්විත්ව කැමරා මඟින් අති විශේෂ හා ඉතා පැහැදිලි ලෙස ඡායාරූප ලබාගැනීමට හැකිවේ. සැම්සුන් Galaxy Note 8 ජංගම දුරකථනය එම කාණ්ඩයේ දුරකථන සඳහා කැමැත්තක් දක්වන පාරිහෝගිකයන් හට නවතම තාක්ෂණය හරහා ආරක්ෂක අත්වැලක් Samsung knox හරහා ලබාදෙයි.

සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හන්බේ පාර්ක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ ලාංකික පාරිහෝගිකයන්ගේ නිර්මාණශීලීත්වය, ඔවුන්ගේ අදහස්වලට මෙන්ම ඵලදායිතාව සඳහා මෙය බෙහෙවින් උපකාරී වන බැවින් මේ ස්මාර්ට් ජංගම දුරකථනය සඳහා ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...