හිටපු අගවිනිසුරුගේ පෙත්සම 19දා සළකා බැලෙයි | දිනමිණ

හිටපු අගවිනිසුරුගේ පෙත්සම 19දා සළකා බැලෙයි

පළාත් සභා මැතිවරණ  සංශෝධන පනත සම්මත වී ඇති අකාරය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වනදා වැඩිදුර සළකා බැලීමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම සළකා බැලුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රකාශ කර තිබේ.

 

නව අදහස දක්වන්න