හිමාල අඩවියේ ‘අයිස් ස්ථූප’ | දිනමිණ

හිමාල අඩවියේ ‘අයිස් ස්ථූප’

ලෝකයේ ශීතලම මිටියාවතක ශීත සෘතුවක මධ්‍යම රාත්‍රියකි.

මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 (-22F) දක්වා පහළ බසිනු ඇත.

හිමාල අඩවියේ ඉන්දීය කලාපයේ, ලදාඛ් මිටියාවතට දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැස්වුණේ එහි වෙසෙන ගැමියන් මුහුණ දෙන ජල අර්බුදයට විසඳුමක් ලබා දීමේ අටියෙනි.

ඔවුහු කෘත්‍රිම ග්ලැසියර ඉදි කරති. වසරේ මුල් භාගය තුළ මේ ග්ලැසියර දියවී ගැමියන්ගේ වගාවන්ට අවැසි ජලය ලැබෙනු ඇති බව මොවුන්ගේ අපේක්ෂාවයි.

මේ ග්ලැසියර නිර්මාණය පිටුපස සිටින ඉංජිනේරුවා සෝනම් වාන්ග්චුක් ය.

තමන් උපත ලද මිටියාවතේ වැසියන් මුහුණ දෙන මේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අටියෙන් ඔහු වසර කිහිපයක් පුරා වෙහෙසුනේය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න