සැමන් ටින් එකෙන් හැඳි ගෑරුප්පු අසුරනයක් | දිනමිණ

සැමන් ටින් එකෙන් හැඳි ගෑරුප්පු අසුරනයක්

මුළුතැන්ගෙයි ඇති හැඳි ගෑරුප්පු පිළිවෙළට තබා ගැනීම සමහරවිට ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවනි. ඒ නිසා, සැමන් ටින් එකක් යොදාගෙන අපූරු නිර්මාණයක් කරන්නයි මේ උත්සාහය. මේ සඳහා, සැමන් ටින් හෝ ඊට සමාන ටින් කිහිපයක් යොදාගෙන, ගෙදර දොරේ තිබෙන හැඳි ගෑරුප්පු ටික පිළිවෙළට අසුරා ගන්න මේ නිර්මාණයෙන් හැකියාව ලැබේ.

මේ සඳහා ප්‍රථමයෙන්ම ටින් හයක් තෝරා පිරිසුදු කර වියළා ගත යුතුයි. ටින් හය එක දිගට තැබා, තිරස් අතට, දිගට සරිලන ලෑලි කැබැල්ලක් තෝරා ගත යුතු ය. දැන් ටින් ටික තමන් කැමැති වර්ණයක් ආලේප කර,අලංකාර කරගත යුතු ය. ඉන් පසු, තෝරා ගත් ලෑලි කැබැල්ලේ එක පැත්තක ටින් තුනක් අලවා,එහි අනෙක් පස ද ඒ අයුරින්ම ටින් අලවා ගන්න. දැන් හැඳි ගෑරුප්පු ටික මේ ඇසුරුමේ පිළිවෙළට බහා, පරෙස්සමට තැබිය හැකි ය.

මුළුතැන්ගේ තුළ විතරක් නෙමෙයි, කැබිනට් වැනි පිඟන් බඩු අසුරා තබන ගෘහ භාණ්ඩයක් ඇතුළත වුණත් මෙය තැන්පත් කර තැබීමට පුළුවනි. මේ නිර්මාණය තබන තැන අනුව, එය වර්ණවත් කර ගැනීම මෙන් ම, අලංකාරවත් කර ගැනීම ද ඔබේ කැමැත්ත පරිදි කළ හැකි ය.

චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න