තල් ගෙඩියෙන් රසවත්ම පානයක් | Palmyra palm Fruit Juice Recipe | பனம் பழச் சாறு செய்முறை | දිනමිණ

තල් ගෙඩියෙන් රසවත්ම පානයක් | Palmyra palm Fruit Juice Recipe | பனம் பழச் சாறு செய்முறை

නලින් දිල්රුක්ෂ
 
ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි.
ඉතාමත් ගුණ දායක වගේම රසවත් පානයක් මේ තල් පානය.
සීතල බීම විදුරුවක් අවශ්‍ය වෙලාවට ඉතාමත් ම ගැලපෙන පානයක් මේ තල් බීම.
දාස් ගාණක් තල් ගස් යට මේ ගෙඩි ඉදිලා වැටිලා යනවා. මේ මගින් ව්‍යාපාරයක් ලෙස වුවත් තල් කෝඩියල් නිෂ්පාදනය කරන්න හැකියි.
පසු ගිය දවසක අපි මන්නාරමේ කළ සංචාරයේ දී අපට මේ රසවත් බීම වීදුරුවක රස බලන්න ලැබුණා. මේ බීම අපට පිළිගැන්වුයේ මන්නාරම යුද හමුදා කඳවුරේදී. 
ඇත්තටම බීම රස බලපු අපට හිතාගන්නත් බැරි වුණා මේ මොන වර්ගයේ බීමක් ද කියන එක. පසුව සොයා බැලීමේදි තමයි දැනගත්තේ තල් ගෙඩියෙන් හදන ලද බීමක් බව.
ඉතින් ඔයාලටත් මේ බීමක රස බලන්න එය හදන විදිය අපි එය හදපු කෙනාගෙන්ම අහ ගත්තා.ඉහත වීඩියෝවේ තියෙන්නේ මේ තල් ගෙඩියෙන් රසවත්ම බීම එක හදාගන්න සම්පුර්ණ ක්‍රමවේදයයි.
දවසක හදලා බලන්න... හැදුවොත් අපටත් කියන්න.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...