Playboy නිර්මාතෘ අවසන් ගමන් යයි | දිනමිණ

Playboy නිර්මාතෘ අවසන් ගමන් යයි

ලොව ආන්දෝලනාත්මක සඟරාවක් වන ප්ලේබෝයි (Playboy) සඟරාවේ නිර්මාතෘවරයා වන හියු හෙෆ්නර් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ මිය යනවිට ඔහු 91 වැනි වියේ පසුවූ බවයි.

චිකාගෝ නුවර ඉලිනොයි විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලද හියු හෙෆ්නර් (Hugh Hefner) සඟරාවක්‌ පටන් ගැනීමට මුදල් සොයා ගැනීම ආරම්භ කළේ  තමන් සතු ගෘහභාණ්‌ඩ සියල්ලම උගස්‌ කර ඩොලර් 800 ක්‌ සොයා ගැනීමෙනි.

පළමුවැනි සඟරාවේ සියලු පිටපත් සතියක්‌ තුළ විකිණී අවසන් වූ අතර එයට හේතු වූයේ සඟරාවේ කවරය බාගෙට සරාගි වුවත් ඇතුළත නිරුවත් ඡායාරූපවලින් පිරී තිබීමය.

මැරලින් මොන්රෝ ඇහැටවත් දැක නොතිබූ හියු හෙෆ්නර් ඇගේ පින්තූරය ලබා ගත්තේ කැලැන්ඩරයකින්ය.  

හෙෆ්නර් පසු කාලයේදී නිව්යෝර්ක්‌ නුවර සුසාන භූමියක පිහිටි ඇගේ මිනීවලට යාබද අඩි 704 ක ප්‍රමාණය ඩොලර් මිලියනයකටත් වැඩි මිලක්‌ ගෙවා මිලට ගත්තේ තමන් මියගිය දිනක  මළ සිරුර මිහිදන් කිරීම සඳහා යි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...