බෙල්ලන්විල බෝධිරාජ දහම් පාසලේ දහම් ගුරු පුහුණු වැඩසටහන දා | දිනමිණ

බෙල්ලන්විල බෝධිරාජ දහම් පාසලේ දහම් ගුරු පුහුණු වැඩසටහන දා

 

බෙල්ලන්විල රජමහා විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ඇදුරු හරසර දහම් ගුරු පුහුණු වැඩසටහන පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී දවස පුරා පැවැත්විණි.

ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ දහම් ගුරු පුහුණු වැඩසටහන එම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ප්‍රධාන අනුශාසනාව සිදුකළහ.

අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයේ සමාජ ඒකාග්‍රතා ව්‍යාපෘති තාක්ෂණික උපදේශිකා ආචාර්ය ලලිතා බටුවිටගේ මහත්මිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල විතාන පතිරණ මහතා මෙහිදී දහම් ගුරුවරුන් හමුවේ විශේෂ දේශන පැවැත්විය.

මෙම ගුරු පුහුණු වැඩසටහන සඳහා කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල්හි ගුරුවරු ගුරුවරියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත, බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී ඌරුපැලැස්සේ හේමාරාම යන හිමිවරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර 

 

 

නව අදහස දක්වන්න