ලලිත් ජයසිංහට ඇප - UPDATE | දිනමිණ

ලලිත් ජයසිංහට ඇප - UPDATE

පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අත්ඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ලලිත් ජයසිංහ අත්අඩංගුවට - UPDATE

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව අත්ඩංගුවට ගෙන තිබේ.

ලලිත් ජයසිංහගෙන් ප්‍රශ්ණ කිරීම් ඇරඹේ - UPDATE 

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ 2015 වසරේ ජනවාරි මස 05 වන දින කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියකට අදාළව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සිදු කරන බවයි.

එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව විමර්ශනයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු  ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට චෝදනා එල්ල වී තිබු අතර ඒ අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කිරීම් සිදු කරන බව සඳහන්ය.

නව අදහස දක්වන්න