රතුපස්වල අනෙක් සැකකරුවන් දෙදෙනාටත් ඇප | දිනමිණ

රතුපස්වල අනෙක් සැකකරුවන් දෙදෙනාටත් ඇප

වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී යුද්ධ හමුදාව විසින් කරන ලදැයි පැවසෙන පහරදීමත් වෙඩි තැබීමත් යන සිද්ධියෙන් පාසල් සිසුන් දෙදෙනකු හා තවත් අයෙක් මියයෑම සිද්ධියට සැක පිට රක්ෂිත භාරයේ සිටි හමුදා නිලධාරීන් දෙදෙනා වන අරුණගේ සිරිසේන සහ ජයසුන්දර තිලකරත්න යන අය වෙනුවෙන් ඊයේ 22 දින ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලුම්පත්‍රය සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එක් අයෙකුට රුපියල් පනස්දහසක මුදල් ඇපයක්ද රුපියල් මිලියන දෙක බැගින් වූ පුද්ගල ඇපයක්ද නියම කළේය.

එසේම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමටත් ඇප තැබීමෙන් පසු සෑම මසකම ඉරිදා දිනයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද නියෝග කළේය.

සැකකාර අනෙක් හමුදා නිලධාරීන් දෙදෙනාට මීට පෙර ඇප නියම කර තිබිණි.

ගම්පහ සංචාරක

නව අදහස දක්වන්න