වියපත් කතකගෙන් හැලුණු රන් මාලය අහුලා ඇයටම දීලා | දිනමිණ

වියපත් කතකගෙන් හැලුණු රන් මාලය අහුලා ඇයටම දීලා

ත්‍රිරෝද රථයකින් ගමන් ගත් මහළු කාන්තාවකගේ බෑගයකින් වැටී තිබු රන් මාලයක් එම කාන්තාවටම ලබා දුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියැදුරෙක් පිළිබඳ පුවතක් ගිනිගත්හේන නගරයෙන් අසන්න ලැබුණි.

පිටවල මිල්ලගහමුල පදිංචි ඩබ්.ඒ.අජන්ත විරතුංග (45) මහතා ගිනිගත්හේන නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරන්නේ දැනට වසර 5ක පමණ කාලයක සිටය. පසුගිය දිනක ඔහු ගිනිගත්හේන නගරයේ සිට අලගල දක්වා කුලී ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී අතර මඟ පයින් ගමන් කරමින් සිටි මහළු කාන්තාවක් දැක ඇයව තම ත්‍රිරෝද රථයෙන් ගිනිගත්හේන නගරයට ගෙනැවිත් හැර ඇත.

අඹගමුවේ පදිංචි එම කාන්තාව එම ත්‍රීරෝද රථයෙන් ගමන් ගත්තේ අලගල පිහිටි තමන්ට අයක් තේ වත්තකට ගොස් ආපසු

යමින් සිටිය දීය. අැය එම වත්තට ගියේ ගිනිගත්හේන නගරයේ බැංකුවකට උකස් කර තිබු රුපියල් 110,000ක් පමණ වටිනා පවුම් දෙකක පමණ රන් මාලයක් උකස් අරවා ගෙන එයද තම අත් බෑගයේ දමා ගෙනය. ඇය ආපසු නිවසට ගොස් බලන විට ඇගේ

බෑගයේ එම රන් මාලය තිබී නැත. එම බෑගයේ කුඩා සිදුරක් තිබු බැවින් එම සිදුරෙන් රන් මාලය කොහෝ හෝ වැටෙන්නට ඇතැයි ඇය සිතුවාය.

මේ අතර එම කාන්තාව ගිනිගත්හේන නගරයෙන් බැස්ස වු එම ත්‍රිරෝද රථ රියදුරා සිමෙන්ති බැග් දෙකක් සහිත පුද්ගලයෙක් සමගින් තවත් කුලි ගමනක් ගොස් ආපසු එම නගරයේ ත්‍රිරෝද රථ ගාලට පැමිණ එම රථයේ පිටුපස අසුන යට කොටස පිරිසිදු කළේ සිමෙන්ති බෑග් දෙක තබාගෙන ගිය නිසාය. එවිට ඔහුට එම අසුන යට තිබී රන් මාලයක් හමුවිය.

එය කාගේ දැයි සොයාබලන විට ඔහුට දැන ගන්නට ලැබුණේ එය තම ත්‍රිරෝද රථයෙන් ගමන් ගත් වැඩිහිටි කාන්තාවගේ රන් මාලය බවය. එ් අනුව ඔහු ඒ පිළිබඳව ගිනිගත්හේන පොලිසියට ද දැනුම් දී එම කාන්තාව එම පොලිසියට ගෙන්වා එහිදී තම ත්‍රිරෝද රථයේ වැටී තිබු රන් මාලය එය හිමි කාන්තාවට ලබාදීමට කටයුතු කළේය.

අජන්ත විරතුංග රියදුරු මහතා එම රන්මාලයේ හිමිකාරිය වන අඹගමුවේ පදිංචි බී.ඩී.එස්.ලතා ලියනගේ මහත්මිය වෙත

භාරදීම ගිනිගත්හේන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සෝමචන්ද්‍ර හා සැරයන් ක්‍රිෂාන්ත බණ්ඩාර යන නිලධාරීන් ඉදිරියේ සිදු කළේය.

එහිදිඅදහස් දැක්වු පොලිස් පරීක්ෂක සෝමචන්ද්‍ර මහතා සඳහන් කළේ තමාට හමුවු රන් මාලයක් එය හිමිකාරියටම ලබාදීමෙන්

එම ත්‍රි රෝද රථ රියදුරු මහතා කර ඇත්තේ සමාජයට ආදර්ශමත් ක්‍රියාවක් බවය.

එවගේම එම රන්මාලයහිමි බී.ඩී.එස්.ලතා ලියනගේ මහත්මිය සඳහන් කළේ තමාගේ නැති වු රන්මාලය ලබාදීම වෙනුවෙන්

තමා එම රියදුරු මහතාට පින් දෙන බවය.

එම ත්‍රිරෝද රථ රියදුරුවන ඩබ්.ඒ.අජන්ත විරතුංග මහතා සඳහන් කළේ තමා මීට පෙර අවස්ථා තුනක දී ද තම ත්‍රි රෝද රථයේ වැටී තිබු රුපියල් 78,000ක මුදල් පසුම්බියක්, රන් මුදුවක් හා රුපියල් 4000ක් පමන වටිනා ජංගම දුරකථනයක් ඒවායේ අයිති කරුවන්ට ලබා දුන් බවය.

ඡායාරූපය-ත්‍රීරෝද රථ රියදුරු අජන්ත වීරතුංග තමාට හමුවු රන් මාලය එහි හිමිකාරියවන බි.ඩී.එස් ලතා ලියනගේ මහත්මියට භාර දුන් අයුරු.පොලිස් පරීක්ෂක සෝමචන්ද්‍ර හා සැරයන් ක්‍රිෂාන්ත යන නිලධාරීන් ද මෙහි වෙති.

ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන

නව අදහස දක්වන්න