රඹුක්කන රේල් ගේට්ටුව අසල කුණු මලු සැම තැන | දිනමිණ

රඹුක්කන රේල් ගේට්ටුව අසල කුණු මලු සැම තැන

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

රඹුක්කන දුම්රිය ස්ථානයත් රේල් ගේට්ටුව අතර දුම්රිය මාර්ගය කොටසට අවට නිවෙස්වලින් සහ ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කෙරන කුණු ගෙනවිත් දැමිමෙන් එම දුම්රිය මාර්ග කොටස දැඩිලෙස අපවිත්‍රව තිබේන අයුරු දැක ගැනීමට පුළුවනි.

දුම්රිය රේල් ගේට්ටුව අසල සිට පැරණි දුම්රිය ස්ථානය අසල කොටසට මේ ආකාරයෙන් කුණු ගෙනවිත් දැමීම නිතර සිදුවේ. මෙම කුණු පරීක්ෂා කිරිමේදී අනාවරණය වී අත්තේ ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කෙරේන අපද්‍රව්‍ය මලු වශයෙන් සකස්කර ගෙනවිත් දමන බවයි. එහෙත් ඇතමුන් පවසන්නේ දුම්රිය මාර්ගය අසල නිවෙස්වලින් බැහැර කෙරේන කුණු මලුවලට දමා ගෙනවිත් දමන බවයි.

මීට පෙර අවස්ථාවකදී මෙම ස්ථානයේ ඉවතලන පොලිතින්, යෝගට් කප් ,සැමන් ටින් ආදි අපද්‍රව්‍ය තිබියදී හමු විය. දුම්රිය මාර්ගය නවිකරණයෙදී එම සේවකයන් විසින් ඉවත් කිරිමට පියවර ගත්තද නැවත එම ආකාරයටම කුණු ගෙනවිත් දමා තිබෙන අයුරු දැක ගැනීමට පුළුවනි. කෙසේවෙතත් රඹුක්කන නඟරය මධ්‍යයෙන් දිවෙන දුම්රිය මාර්ගයට කුණු එකතු කිරිමෙන් දුම්රිය මාර්ගය මෙන්ම නඟරයත් අපවිත්‍ර වන බව පරිසර හිතකාමිහු පෙන්වා දෙති.

නව අදහස දක්වන්න