ඔලිම්පික් කමිටු සභාපතිගෙන් ආසියාවේ ක්‍රීඩා සමරු මුද්දර ග්‍රන්ථයක් | දිනමිණ

ඔලිම්පික් කමිටු සභාපතිගෙන් ආසියාවේ ක්‍රීඩා සමරු මුද්දර ග්‍රන්ථයක්

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති ආසියා ඔලිම්පික් උප සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් සම්පාදිත ආසියා ඔලිම්පික් කමිටුවට අයත් රටවල් 45ක ක්‍රීඩා ඉසව් වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දර 250ක් අතුළත් ග්‍රන්ථය ආසියා ඔලිම්පික් කවුන්සිල සභාපති අහමඩ් අල් ෆහඩ් අල් සභා (Ahmed Al-Fahad Al-Sabah) මහතා වෙත පිරිනැමීම ටර්කිමෙනිස්තානයේ පැවැති ආසියා ඔලිම්පික් කවුන්සිල සැසිවාරයේදී පසුගියදා සිදුවිය. මෙවැනි සමරු එකතුවක් සහිත ග්‍රන්ථයක් ආසියාවේ පළමු වරට මුද්‍රණය කෙරුණු අතර ඒ සඳහා ආසියානු නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමිව තිබේ.

මේ අතර ඔලිම්පික් අධ්‍යාපනය නගා සිටුවිම හා ක්‍රීඩාවට කරන ලද මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වෙත කුසලතා සම්මානයක් ද ආසියානු ඔලිම්පික් සභාපතිවරයා අතින් හිමි විය. 

නව අදහස දක්වන්න