"මමයි අම්මයි තාත්තයි " දොරට වැඩුම 22 දා | දිනමිණ

"මමයි අම්මයි තාත්තයි " දොරට වැඩුම 22 දා

නලින් දිල්රුක්ෂ
ළමා උපදේශනය පිළිබඳ මනෝ චිකිත්සකයකු,පෞරුෂවර්ධන සහ නායකත්ව පුහුණු උපදේශකයකු වන උදයා දේවාමුල්ල මහතා විසින් රචිත ,"මමයි අම්මයි තාත්තයි " කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 23දා පෙ.ව. 09 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරේ. 
 
ළමා මනසේ ඇති අසිරිය මව්පිය ,වැඩිහිටියන් හදුනාගතයුත්තේ කෙලෙස ද යන බවත්, මාපිය- දූදරු සබඳතා ජීවිත සහනයෙන් පුරවන්නේ කෙසේද යනබවත් කතා මාලාවක් ඔස්සේ පාඨකයා වෙත නිර්මාණශීලීව ගෙන ඒම මේ කෘතියෙන් ඉටු කෙරේ.
 
ප්‍රායෝගික වටිනාකමින් යුක්ත දේශන සහ ක්‍රියාකාරකම් සහිත දොරට වැඩුමේ අවස්ථාවේ දෙපැයක සතුට සහ සහනය විඳීමට ඔබ ඔබේ පවුලේ අය සමඟින් සහභාගී වන්නැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ජපුර මිත්‍රත්ව සංගමය ඇරයුම් කරයි.
 
"මමයි අම්මයි තාත්තයි " එළිදැකීමේ දෙහෝරාව සංවිධානය කෙරෙන්නේ "ජපුර මිත්‍රත්ව සංගමය විසිනි.
 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...