දුම්රිය වර්ජනය අත්හිටුවයි | දිනමිණ

දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද(20)  මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව වාර්තාවේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැළසුම් කර තිබූ බව දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අග්‍රමාත්‍ය ලේකම්වරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ඒ මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න