පාර්ලිමේන්තුව කල් තැබේ - UPDATE | දිනමිණ

පාර්ලිමේන්තුව කල් තැබේ - UPDATE

පක්ෂ නායක රැස්වීමක් සදහා පාර්ලිමේන්තුව කල් තබයි.

20 - පාර්ලිමේන්තුව උණුසුම් කරයි - UPDATE

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වනවිට සභාව තුළ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙම කෙටුම්පත අනුමැතිය සදහා පළාත් සභාවලට ඉදිරිපත් කළේ ද යන්න ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ මෙම කෙටුම්පත පළාත් සභාවලට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වාද විවාද පවතින අතරතුර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම පනත් කෙටුම්පත පිළිබද විවාදය ආරම්භ කලේය.

 

නව අදහස දක්වන්න