ශ්‍රී ලංකාවට පාකිස්ථානයේ අඛණ්ඩ සහය | දිනමිණ

ශ්‍රී ලංකාවට පාකිස්ථානයේ අඛණ්ඩ සහය

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කඛාන් අබ්බාසි මහතා පවසයි.
 
දෙරට අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් සහ නව ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත.

නව අදහස දක්වන්න