උඩුනුවර කන්දේ දේවාලයට පාර නියරක් දිගේ | දිනමිණ

උඩුනුවර කන්දේ දේවාලයට පාර නියරක් දිගේ

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර පුරවරය ඓතිහාසික විහාරස්ථාන දේවාල තිබෙන ප්‍රදේශයකි. නමුත් එහි ඓතිහාසික දේවාලයක් වන කන්දේ දේවාලයට බැතිමතුන්ට ගමන් සඳහා මාර්ගයක් තිබුණේ නැත. 2016 වර්ෂයේ මාර්ග සතියට උඩුනුවර එජාප සංවිධායක ලකී ජයවර්ධන මහතා මාර්ගයක් කපා දෙන ලදී. මේ මාර්ගය කාපට් කර සංවර්ධනය නොකිරීම නිසා සෝදාපාළුවට ලක්වෙමින් පවතී.

වේරවල පී, කේ. නන්දාවතී මහත්මිය - මේ දේවාලය ලංකාතිලක, ඇම්බැක්ක විහාරස්ථානවලට නෑදෑකම් කියන වර්ෂ 1300 සිට පැවත එන දේවාලයක්. මේ දක්වා පැමිණියේ අඩි පාරකින් කුඹුරක් උඩින්. නමුත් කපා දුන් පාර අද සෝදාපාළුවට ලක්වෙලා. එය සංවර්ධනය කරදෙන ලෙස ප්‍රදේශවාසීන් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ගඟඉහළ සමූහ
ජගත් ජනප්‍රිය

නව අදහස දක්වන්න