ශ්‍රීපාද විද්‍යාලය අසල කැඩුණු කුණු ට්‍රැක්ටරය සිසුන්ට හිරිහැරයක් | දිනමිණ

ශ්‍රීපාද විද්‍යාලය අසල කැඩුණු කුණු ට්‍රැක්ටරය සිසුන්ට හිරිහැරයක්

හැටන් දික්ඔය නගර සභාවේ කසළ ට්‍රැක්ටර් හැටන් ශ්‍රීපාද විද්‍යාලය අසල නතර කිරීමත් සමඟ එම විද්‍යාලයේ සිසුන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

මේ ට්‍රැක්ටර් ට්‍රේලරයේ එක් රෝදයක් ද ගලවා දමා ඇති අතර කසළ වැසි ජලය සමඟ එක්වී මාර්ගයේ ගලා යාමෙන් විදුහලට එන සිසුන් දැඩි පීඩාවකට පත්ව ඇත. මේ නිසා සිසුන්ගේ සෞඛ්‍යටද දැඩි තර්ජන එල්ලවී තිබේ.

දැඩි දුගඳ මෙන්ම මැසි මදුරු උවදුරද මේ නිසා වැඩි වී තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ද කඩිනම් අවධානය මීට යොමු විය යුතු යැයි මවුපියෝ පවසති.

හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ් මහතා - මේ ගැන හැටන් දික්ඔය නගර සභාවට ලිඛිතවද දැනුම් දුන්නා. වාචිකව ද අවස්ථා කිපයකදීම දැනුම් දුන්නා. ඒ අනුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂවරයා පැමිණ නිරීක්ෂණය කර එම ට්‍රේලරයේ රෝදයක් නොමැති බවත් එම රෝද සවිකර මෙය ඉවත් කිරිමට පියවර ගන්නා බවත් පැවැසුවා.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වාමදේවන් මහතා - මේ කසළ ට්‍රේලරය කඩිමින් මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා.

හැටන් මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න