පදියතලාව රෝහලට පහසුකම් මදි | දිනමිණ

පදියතලාව රෝහලට පහසුකම් මදි

නැ‍ඟෙනහිර පළාත් සභාවට අයිති පදියතලාව ප්‍රාදේශීය රෝහල වසර සියයකට වඩා පැරණි රෝහලකි. මෙහි ඒකක 16ක් අක්කර 15ක් තරම් විශාල වූ භූමි ප්‍රමාණයක විසිරී පිහිටා තිබේ. මේ රෝහලට අවශ්‍ය මූලික පහසුකම් කිසිවක් නැත.

දිනකට රෝගීන් 500යක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙති. මෙම රෝගීන්ට වැඩිවී සිටින්නටවත් පහසුකම් නැත. මාසයකට කායික රෝග සායන 4ක් මානසික රෝග සායනයක්, ගැබිනි මවුවරුන්ගේ සායනයක් බෝ නොවන රෝග සායනයක්, ලිංගාශ්‍රිත සායනයක්, මේ රෝහලේ පවත්වති.

පැරැණි ගම්මාන 65ක ලක්ෂ 3කට ආසන්න පිරිසක් පදියතලාව රෝහලෙන් නව සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගනිති. සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයට සිටිනුයේ 38කි. සුළු සේවක හිඟය දැඩිලෙස පවතී. පිරිමි සේවකයන් ඉන්නේ දෙදෙනෙකි. රෝහලේ සමහර ඒකක කැලෑවෙන් යටවී තිබේ. ශුද්ධ පවිත්‍ර කිරීමට ප්‍රමාණවත් තරම් සේවකයන් නැත.

පොදු දේපළ සුරැකීමේ සංගමයේ සභාපති ඒ.එම්. අත්තනායක මහතා - හේන් ගොවිතැනින් ජීවත්වන අසරණ ගොවියන් මේ රෝහලට එන්නේ. පහසුකම් ඇති වෙනත් රෝහල්වලට ගොස් හෝ පෞද්ගලික ප්‍රතිකාර ලබා ගන්නට මේ ජනතාවට ආර්ථික ශක්තියක් නෑ. රෝහලේ කාන්තා සහ පිරිමි වාට්ටුවල තිබෙන වැසිකිළි පාවිච්චි කළ නොහැකි තරම් අබලන්. නිල නිවාසත් ඉතාම අබලන්. කොයි මොහොතේ හිස මතට කඩා වැටී අනතුරක් සිදුවේද දන්නේ දෙවියන්ම පමණි. එක්ස් කිරණ යන්ත්‍රය ක්‍රියා කරවීමට අවශ්‍ය නිලධාරීන් නෑ. ඊ. සී.ජී. යන්ත්‍රය ක්‍රියා කරනුයේ සුළු සේවකයන්.

පොදු දේපළ සුරැකීමේ සංගමයේ ලේකම් ආර්.එන්. නාවදසේන මහතා - පදියතලාව රෝහල ගැන අපි නැගෙනහිර සෞඛ්‍ය ඇමැතිවරයාට දැන්වූවා. ඒත් ඔවුන් ගණනකට වත් ගත්තේ නෑ. බැලූ බැලූ අත රෝහල කැලෑවෙන් යටවෙලා.

එක විශේෂඥ වෛද්‍යවරයෙක්වත් මේ රෝහලේ නෑ. නේවාසික රෝගීන් වැඩි දෙනෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා අම්පාර, මහියංගණ, මහනුවර, බදුල්ල වැනි දුර පළාත්වල රෝහල්වලට රෝගීන් මාරු කරනවා. හේන්ගොවිතැනින් ජීවත්වන අපිට පුලුවන්ද අපේ රෝගියා බලන්න යන්න. රෝගීන්ගේ භාරකරුවන් වශයෙන් අපි ඉතාම අපහසුවට පත් වෙනවා. දුර බැහැර රෝහල්වලට රෝගීන් මාරු කර යැවීම නිසා.

දෙහිඅත්තකණ්ඩිය සමූහ

නව අදහස දක්වන්න