මහසෙන්පුර වැසියන්ට වන අලි කරදර | දිනමිණ

මහසෙන්පුර වැසියන්ට වන අලි කරදර

යකල්ල, උල්පත්පාර, මහසෙන්පුර, සහා මානන්කට්ටිය යන ගම්මාන නිතර වල්අලින්ගේ තර්ජනවලට ලක්ව පවතින ගම්මාන ලෙස හැදින්විය හැකිය. මේ ගම්මානවලට වල්අලියකු නොඑන දවසක් නැත. සවස 03 ත් 04 ත් අතර කාලය තුළදි මේ ගම්මාන අසලට පැමිණෙන වල්අලි රාත්‍රි කාලය ළඟාවිමත් සමගම හිමින් සිරුවේ එම ගම්මානවලට ඇතුල්වි කෙසෙල්, පොල් වැනි දෑ කාදමා විනාශ කර දමති.

මේ වල්අලි පහරදිමෙන් එම ගම්මානවල පදිංචි පුද්ගලයන් කිහිපදෙනකුම තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයකුට ජිවිතයද අහිමිවිය.මේ ගම්මානවලට එන වල්අලි පලවා හරින ලෙසට මොරගොඩ, රිටිගල, සහා ගනෙවැල්පොල යන ස්ථානවල පිහිටි වනජිවි කාර්යාලවල නිලධාරින් දැනුවත් කර ඇතත් එම නිලධාරින් පැමිණ වල්අලි පලවාහැරිම සිදුකළත් ඊට පසුදිනම යළි වල්අලි ගම්මානවලට පැමිණෙන බවත් එය සාර්ථක පිළියමක් නොවෙන බවත් එම ගම්වැසියෝ කියති.

ඩබ්ලිව්. එම් . වනසිංහ මහතා - මීට පෙර අපිට වල්අලින්ගෙන් කරදරයක් තිබුණේ නෑ.දැනට වසරක පමණ කාලයක සිට තමයි අපිට වල්අලින්ගේ කරදර එන්න පටන් ගත්තේ.

ඩබ්ලිව්. පොඩිමැණිකා මහත්මිය- වල්අලි ගම්මානවලට පැමිණීම දැන් වසංගතයක් බවට පත්වෙලා.සවස් වෙනකොට වල්අලි නිසා අපිට පාරක බැහැලා යන්ඩ බෑ. සවස් වෙනකොට ගෙවල්වල දොරවල් වහාගන්නවා. ගෙවල් ඇතුලේ තියෙන ධන්‍ය වර්ග පවා ගෙවල් කඩා වල්අලින් විසින් කා දමනවා. දැන් අපිට ගම අතහැරලා යන්ඩ වෙලා තියෙන්නේ.

ඩබ්ලිව් .ඇම්. විමලාවති මහත්මිය- වල්අලි නිසා ළමයි පාසල් යවන්නබැ. ගොවිතැනක් බතක් කරගන්න විදියක් නැ. පාරක තොටක බැහැලා යන්නබැ.

@ගලෙන්බිදුණුවැව සමුහ - ජයන්ත වාසුලසේන
ඡායාරූප-ගලෙන්බිදුණුවැව සමුහ 

නව අදහස දක්වන්න