මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට | දිනමිණ

මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට

නලින් දිල්රුක්ෂ
 
සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ මුහුදු වෙරළ.
 
මන්නාරම සිට තලේමන්නාරම දෙසට කිලෝ මීටර් 17ක් යන විට පේසාලේ නගරයත් මුහුදූ තීරයත් අපට හමුවේ.
 
නිසල මුහුදක් ඇති වෙරළ ආශ්‍රිතව නොගැඹුරු පැහැදිලි ජලයක් ඇති අපුරුම ඉසව්වකි පේසාලේ මුහුදු තීරය. 
 
දැනට ධීවර ගම්මානයක් ලෙසින් පවතින මේ මුහුදු තීරය තාමත් සංචාරක ආකර්ශනයට නතු නොවී තිබීම ගැන ඇත්තේ කනගාටුවකි.
 
සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් තවත් අගනා පෙදෙසකි පේසාලේ අවට මුහුදු තීරය.
 
මෙහි දී අප දුටු විශේෂත්වය නම් බටහිර රටවල සංචාරකයන් අතන මෙතැන මේ වෙරළේ විනෝදවන ආකාරයයි. දේශීය සංචාරකයන් නම් දක්නට සිටියේම නැති ගාණය.
 

 

නව අදහස දක්වන්න