කිරි අම්මාගේ පුංචි කඩේ පුංචි වෙළෙන්දී | දිනමිණ

කිරි අම්මාගේ පුංචි කඩේ පුංචි වෙළෙන්දී

ජයගඟ සමූහ නිරෝධනී වනසිංහ

මේ ඉන්න පුංචි වෙළෙන්දී සයුරි ගිම්හානි හමුවුණේ ගලේවෙල කැකිරාව පාරේ බුදුගේහින්න ආසන්නයේ කුඩා වෙළද සලකදී. මේ පුංචි දූගෙන් පවුලේ කවුරුත් වැඩ ගන්නේ නෑ. ඒත් ඇය ඇ‍ගේ කිරි අම්මාට උදව්ව වෙන්නේ මේ ආකාරයෙන්. රටකජු කිරලා බෑග්වලට අසුරනවා. පුංචි පුංචි වැඩකරලා දෙනවා. කිරි අම්මා ටී. එම්. චන්ද්‍රා කුමාරිහාමි. ඇය කාන්තා කාර්යංශයේ සහයෙන් ස්වයං රැකියාවක් හැටියට පුංචි කඩයක් පටන් අරන් පොඩිවට වෙළදාමක් කරන කෙනෙක්. නිවාඩු කාලේ හැම දවසේම පුංචි සයුරි ටික වෙලාවක් කිරි අම්මට මේ විදියට උදව්ව කරනවා කියලත් සයුරි ඉගෙන ගන්නත් දක්ෂයි කියලත් කිව්වේ ඇගේ අම්මා චන්ද්‍රාණි කුමාරි. බුදුගේහින්න මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගනුම ලබන සයුරි තාමත් පළමු වසරේ සිසුවියක්.

‍අනේක දුක් පීඩා විඳ තම දූ දරුවන් හදා වඩා උගන්වා කිරුළු පැලද වූ පසු තම මවුපියන්ට වැඩිහිටියන්ට නොසලකා හරින ඔවුන්ව හුදකලා කරන වත්මන් කාලයේ අවුරුදු 6ක් වයසැති සයුරි ගිම්හානිගේ ක්‍රියාව දුටුවිට හිතුණේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි කියන පැරැණි කියමනයි.

නව අදහස දක්වන්න