‘INGCO’උපාංග දැන් මෙර­ට­දීත් | දිනමිණ

‘INGCO’උපාංග දැන් මෙර­ට­දීත්

කාර්මික, මෙවලම් හා උපාංග සඳහා ලොව කීර්තිමත් වෙළෙඳ නාමයක් වන ‘INGCO’ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ ඉදිකිරීම්, ගොඩනැගිලි හා නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ කම්කරුවන්ට සිය කාර්යය පහසු කරවයි.

වෘත්තීමය වශයෙන් වැදගත් සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි තත්ත්වයෙන් ඉතා උසස් වර්ගයේ ‘INGCO’ කාර්මික මෙවලම් එකම ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ වශයෙන් කටයුතු කරනු ලබන්නේ පාමංකඩ සමූහ ව්‍යාපාරය විසිනි. මෙම උසස් මට්ටමේ ‘INGCO’ නිෂ්පාදන නිපදවනු ලබන්නේ චීනයේ පිහිටි අති නවීන කර්මාන්ත ශාලාවකය.

ඕනෑම බරපතළ කාර්යයකට පවා සරිලන අන්දමේ “INGCO” බල මෙවලම් පෙළට Electric Drill, Cordless Drill, Circular Saw, Angle Grinder, Jig Saw, Impact Drill, Rotary Hammer, Hand Tools වර්ග සහ ජාත්‍යන්තර තලයේ තවත් විවිධ නිෂ්පාදන හා උපාංග රැසක් ඇතුළත්ය.

ඔවුන්ගේ නවතම නිෂ්පාදන පෙළ විදුලිය පිරිමැසුම් සහිත ඒවා වන අතර සරිලන මුදලකට මිළ දී ගත හැකිය. Cordless Drill with Li-ion Battery (CIDLI228180) මිල කර ඇත්තේ රුපියල් 16,000/- කටය. Impact Drill Machine (ID6528) – 13mm උපරිම සිදුරු කිරීමේ හැකියාව සහිත මේ යන්ත්‍රයක උපරිම මිල රුපියල් 3,450/- කි. Rotary Hammer (RH10508) රුපියල් 7,950/- කට මිල දී ගත හැකිය. Angle Grinder (AG8006 – 115mm (4½”) Disk) සහ (AG8006-2 – 100mm (4”) Disk) රුපියල් 3,550/- කට මිල කර තිබේ. විදුලිය පිරිමැසුම් සහිත “INGCO” කාර්මික කටයුතු සඳහාම නිපදවූ Jig Saw with Five Blades (JS80028) රුපියල් 4,750/- කට මිල දී ගත හැකි වන අතර, Circular Saw – 185mm 7¼” (CS18528) විශ්කම්භයකින් යුතු කියත් තලය සමග රුපියල් 7,050/- කට පාමංකඩ සමූහ ව්‍යාපාරය වෙතින් ලබාගත හැකිය. පාමංකඩ සමූහ ව්‍යාපාරය වෙතින් ඔබ වෙත ගෙන එන සෑම “INGCO” නිෂ්පාදනයක්ම “INGCO” නවෝත්පාදන වන අතර පේටන්ට් බලපත්ත්‍ර ලැබූ නිෂ්පාදනයන් වේ. එබැවින් ඒවා භාවිත කරන්නන්ට පහසු මිලකට අලෙවි කරනු ලබන මේ ලෝක පූජිත නිෂ්පාදනවල විශිෂ්ටත්වය අත්විඳීමේ හැකියාව ලැබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...