නීතිපතිට නොතීසි – ඇප අයදුම සලකා බැලීම 20වනදා | දිනමිණ

නීතිපතිට නොතීසි – ඇප අයදුම සලකා බැලීම 20වනදා

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 20වනදා අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර ඇත.

අදාළ පෙත්සම් අද(14) කැඳවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවය.

එම නිසා එය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම විත්තිකරුවන් ඇප මත නිදහස් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහ අධිකරණ විනිසුරු අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් මස 20වනදා අධිකරණය හමුවේ දන්වන්නැයි නොතීසි නිකුත් කර ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...