ඔරුගොඩවත්ත අභ්‍යාස ආයතනයේ ගැටලුවලට ජනපතිගෙන් විසැඳුම් | දිනමිණ

ඔරුගොඩවත්ත අභ්‍යාස ආයතනයේ ගැටලුවලට ජනපතිගෙන් විසැඳුම්

සන්ධ්‍යා කරුණාරත්න

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය සතුව පැවැති ප්‍රධාන ගැටලු දෙකට විසදුම් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම පියවර ගනියි.

එම අභ්‍යාස ආයතනය සතුව පැවැති ප්‍රධාන ගැටලු දෙක වන ආයතනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබාදීමටත්, ආයතනය තුළ පැවැති පරණ වාහන වෙනුවට නවීකරණය කළ අලුත් වාහන ලබාදෙමින් ආයතනයේ තාක්ෂණික අංශය වැඩිදියුණු කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පවසයි. මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ප්‍රතිස්ථාපනය කිරීමෙන් දස ලක්ෂයක් රැකියා බිහි කරන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවට රුකුලක් ලබාදෙන බව ද ඇමැතිවරයා පැවැසුවේය. ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (13) සිදු කළ අතර එම අවස්ථාවේදි ඉහත ඉල්ලීම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

මෙම අභ්‍යාස ආයතනයට අවශ්‍ය ඉඩම් අක්කර තුනක් එම ආයතනය අසල තිබෙන ඉඩමෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ ඇමැතිවරයාට දුරකථනයෙන් දැනුම් දීමට ජනාධිපතිවරයා කාරුණික වූ බවත් ආයතනයේ පරණ වාහන වෙනුවට අලුත් වාහන ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදුන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණෙන් මෙවැනි ආයතන බිහි කිරීමට රජය ගන්නා උත්සාහය රටේම අගය කිරීමට ලක් කරන බවත් මේ ආයතනයේ පුහුණුව ලැබීම සඳහා අයදුම්පත් 2500 ක් පමණ ඉදිරිපත් වුවද 360 ක සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...