සිවිල් ආරක්ෂක‍‍යෝ ධජවලට සෙත් පතති | දිනමිණ

සිවිල් ආරක්ෂක‍‍යෝ ධජවලට සෙත් පතති

 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ධජයන් වෙත සෙත්පැතීම‍ පෙ‍රේදා (12) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදි සිදු කෙරිණ.

සැප්තැම්බර් දහතුන්වන දිනට යෙදි ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දින සැමරුමට සමගාමීව තුන්වැනි වරටත් මෙම පිංකම් සිදු කරනු ලැබිණ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ධජය, සියලු බළකා හා පුහුණු පාසල් ධජයන් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළුව ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා තුන්වරක් පහළ මළුවේ පැදකුණු කිරිමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මුලයෙහි අතුරා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරමින් සෙත් පැතීම සිදු කළහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු, සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලක්ෂ්මි පල්ලේගම යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගිවි සිටියහ.

සටහන හා ජායාරුප - අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර මධ්‍යම සමුහ

නව අදහස දක්වන්න