බ්‍රයන් පෙරේරාට ජයග්‍රහණ ද්විත්වයක් | දිනමිණ

බ්‍රයන් පෙරේරාට ජයග්‍රහණ ද්විත්වයක්

 පන්නල රාත්‍රී මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ ෆෝමියුලා මැක්ලරන්ස් 1300 තරග ඉසව් ද්විත්වයම ජයගැනීමට 19 හැවිරිදි බ්‍රයන් පෙරේරා සමත්විය. පන්නල ස්පීඩ් ඩ්‍රොම් ධාවන පථයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත්වූ බ්‍රයන් හෙලිබීස් කණ්ඩායමේ චන්දිම ගුණරත්න අබිබවා තත්පර 1.12කින් තරගය ජයගත්තේය.

බී.කේ.එම්.එස්. රේසිං කණ්ඩායම නියෝජනය කරන බ්‍රයන් ඉතා දුෂ්කර ගමන් මාර්ගයේ සිය හැකියාව විදහා දක්වමින් විශිෂ්ට ධාවනයක නිරතවූ අතර අඩක් වියලි සහ අඩක් තෙත සහිත මාර්ගයේ සිය වේගය මනාව පාලනය කරමින් තරග කළ අයුරු කාගෙත් අවධානයට ලක්විය.

ඉන්දියාවේ ජේ.කේ.ටයර් ජාතික රේසිං තරගාවලිය නියෝජනය කළ හෙතෙම මෙරට යොවුන් ෆෝමියුලා තරග ධාවකයන් අතර ප්‍රමුඛස්ථානයේ පසුවන තරග කරුවෙකි.

පන්නල රාත්‍රී ධාවන තරගාවලියේ ෆෝමියුලා තරග ඉසව් ද්විත්වයම බ්‍රයන් ජයගනිද්දී එහි දෙවැනි ස්ථාන අත්කරගනු ලැබුවේ චන්දිම ගුණරත්න විසිනි. ක්ලෙමන්ට් සෙනෙවිරත්න පළමු තරගයේ තුන්වැනි ස්ථානය අත්කර ගත් අතර දෙවැනි තරගයේ තුන්වැනි ස්ථානය ඇන්ඩෘ චොක්සී දිනාගත්තේය. චන්දිම සහ ඇන්ඩෘ දෙදෙනාම හෙලබිස් කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගාවලියට එක්වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...