ලක්ෂ 17ක් කොල්ලකෑ 4ක් අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ 17ක් කොල්ලකෑ 4ක් අත්අඩංගුවට

මුදල් කොල්ලකෑමක් සිදුකර මෝටර් රථයකින් පළායමින් සිටි පුද්ගලයින්  සිව් දෙනෙකු හබරාදූව බෝගහගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
යක්කලමුල්ල, මාකුඹුර ප්‍රදේශයේ දී දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයකින් රුපියල් දාහත් ලක්ෂ 50,000කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී රුපියල් දාහතර ලක්ෂ 47,370ක මුදලක්, ජීව අත්බෝම්බයක්, කඩු දෙකක් සහ සම්පුර්ණ මුහුණු ආවරණ හිස්වැසුම් 4ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
 
සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න