වැලිපටන්විල ධීවර වරායට හදිසියේ ආ ඉන්දීය යාත්‍රාවෙන් ධීවර රැකියා අනතුරේ | දිනමිණ

වැලිපටන්විල ධීවර වරායට හදිසියේ ආ ඉන්දීය යාත්‍රාවෙන් ධීවර රැකියා අනතුරේ

ලුණම සමූහ සනත් ගමගේ

අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායට ඉන්දියාවේ සිට යාත්‍රාවක් හදිසියේ පැමිණීමෙන් වැලිපටන්විල වරායේ වැලිවලින් පිරීමෙන් ධීවර රැකියා අනතුරට පත් වේ යැයි ඔවුහු බියෙන් පසුවෙති.

කුඩා නැවක ආධාරයෙන් විශාල බත්තලක් වැලිපටන්විල ධීවර වරාය සමීපයට රැගෙන ඒ මෙන් ධීවර වරාය දින දෙකක් තුළ අඩි 30ක් පමණ වැලිවලින් ගොඩවීමෙන් යාත්‍රා දියත් කිරීමට හා ගොඩට ගැනීමට නොහැකිව ධීවර කාර්මිකයෝ අපහසුතාවට පත්ව සිටිති.

ස්කේවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් මේ විශාල බත්තල ගොඩට ගැනීමට බොහෝ වෙහෙසක් ගත්ත ද එය දින දෙකක් නිෂ්පල වූ හෙයින් දිනෙන් දින වරාය ගොඩවිම නිසා ධීවරයෝ විරෝධය පළ කර ඇත.

බත්තල අලුත්වැඩියා කිරීමටගෙන එන ලද කුඩා නැව ද වරායේ ගල් පරයක ගැටිමෙන් ඒ නැවට ද අනතුරු සිදුවී එය ද නැංගුරම් ලා තිබේ.

සුජීව මහතා - මේ මෙතනට ඇදගෙන එනතෙක් අපි දන්නේ නෑ. දැන් වරාය සම්පූර්නයෙන්ම හිරවෙලා වැලිවලින් පිරෙනවා. රස්සාව කරගන්න විදියක් නෑ. රුවල් ඔරු හදන්න කියලා පසුගිය දවස්වල ධීවර ඇමැති ඇවිත් මෙතන කර්මාන්ත ශාලාවකට මුල් ගල් තිබ්බා. ඒ කට්ටිය තමයි මේ යාත්‍රාව ගෙනත් තියෙන්නෙ. ඉන්දියාවේ සිට මිනිස්සුත් ඇවිත් ඉන්නවා අපි දන්නේ නෑ. මේවා ඇතුළත මොනවා තියනවද මොකට ගෙනාවද කියලා. කරුණාකරල මේ යාත්‍රාව අරගෙන යන්න අපේ ධීවර වරාය රැක දෙන්න.

ආර්. ඩී. විල්සන් මහතා - ඉන්දියාවේ සිට ගෙන ආපු යකඩ ගොඩ අපිට අපේ ධීවර වරාය අහිමි කරනවා. අපේ දරු පවුල් රැක ගන්න තියන වරාය අපිට රැක දෙන්න. මේක ඉවත් කර දෙන්න.

හම්බන්තොට දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂ එල්. ටි. චන්දන මහතා - මේ යාත්‍රාව වැලිපටන්විලට පැමිණීම ගැන මමවත් මේ ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වරයාවත් දැන සිටියේ නෑ. ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ අමාත්‍යංශයේ අනු දැනුම මත මේ යාත්‍රාව අලුත්වැඩියා කිරීමට වැලිපටන්විල ධීවර වරායට ගෙන ආ බවයි. මේ යාත්‍රාව පැමිණීමෙන් ධීවර වරායට හෝ කාර්මිකයන්ට අලාභයක් හෝ හානියක් සිදු වී නම් අදාළ සමාගමෙන් ගෙවීමට කටයුතු කරන ලෙසට සමාගමට දන්වා යාත්‍රාව ඉවත් කර ගැනීමට කටයුතු කරන බව දැන්වූවා.

අදහස් 1ක් ඇත

රුවල් ඔරු හදන්න කියලා මුල්ගල තියපු ආයතනයි මේ බෝට්ටුව අතර කිසිම සම්බන්ධයක් නැත.

නව අදහස දක්වන්න