වසර 15ක් තිස්සේ ගුරු නිවාසය කැලයට යට වෙලා | දිනමිණ

වසර 15ක් තිස්සේ ගුරු නිවාසය කැලයට යට වෙලා

බුලත්කොහුපිටිය සමූහ ඩබ්ලිව්.රෝහණ

කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් මාබෝපිටිය ,බොස්සැල්ල මහා විද්‍යාලයේ ගුරු නිවාසය වසර 15 පමණ කාලයක සිට වසා දමා ඇති බව ප්‍රදේශවාසී ජනතාව පවසති.දැනට නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොවීමෙන් ගොඩනැඟිල්ල කැළෑවට යට වෙමින් විනාශයට පත් වෙමින් පවතී.ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගොඩනැඟිල්ල විනාශ වී යෑමට නොදී රැක දෙන ලෙසයි.

නව අදහස දක්වන්න