ලාහෝර් නගරය පුරා දැඩි රැකවරණ | දිනමිණ

ලාහෝර් නගරය පුරා දැඩි රැකවරණ

වසර අටකට පසුව පකිස්තාන් භූමියේ පැවැත්වෙන ලෝක අවධානයට ලක්වෙන පළමු මහා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලාහෝර් නගරයේ දී අද ආරම්භ විය.

2009 වසරේ මාර්තු මාසයේ පාකිස්තානයේ සංචාරය කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයකට ගොදුරු වීමෙන් පසු විදේශීය ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි.

එම ප්‍රහාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනකු තුවාල ලද අතර ඒ සමඟ ආරම්භ වූ දීර්ඝ විරාමය නිම කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් (World XI) අද අඟහරුවාදා (සැප්තැම්බර් 12) ලාහෝර් නගරයේ දී පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමත් සමඟ 'විස්සයි විස්ස' (T20) තරඟාවලියක් ආරම්භ කිරීමට නියමිතයි.

'නිදහස් කුසලාන තරඟාවලිය ' (Independence Cup trophy ) යනුවෙන් නම් කරනු ලැබ ඇති මෙම තරඟාවලිය 'විස්සයි විස්ස' ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත වෙයි.

පාකිස්තාන් ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි ප්‍රයත්නයෙහි ප්‍රතිපලයක් වශයෙන් ආරම්භ කෙරෙන මෙම තරඟාවලිය සඳහා ඉතා දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇති බව ලාහෝර් නගරයෙන් වාර්තා වෙයි.

2015 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට ලඟා වුනත් එම සංචාරය අතරවාරයේ ලාහෝර් ක්‍රීඩාංගණය ආසන්නයේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයක් නිසා එම සංචාරයට බාධා එල්ල විය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...