මොබිටෙල් ප්‍රථම වරට වෛද්‍ය Hackathon තරගයක් සංවිධ­ානය කරයි | දිනමිණ

මොබිටෙල් ප්‍රථම වරට වෛද්‍ය Hackathon තරගයක් සංවිධ­ානය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහාම වෙන් වූ Hackathon තරගයක් Mobitel විසින් සංවිධානය කරනු ලබයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත නවීන තාක්ෂණික විසඳුම් පිරිනැමීමේ අරමුණින්සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහාම වෙන්වූ Hackathon තරගයක් “MedHack” නමින් පැවැත්වීමට Mobitel සැලසුම් කර ඇත. ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතන‍යේ(ICTA) සහයෝගිත්වයෙන් එය සංවිධානය කර තිබේ.

වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයින්, තාක්ෂණික විශේෂඥයින් හා ගැටලු නිරාකරණය කරන්නන් ඒකරාශී කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින අභියෝග සඳහාවිසඳුම් සෙවීම MedHack හි අරමුණ වේ. ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් සහ ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන eChannelling ආයතනයතම ඩිජිටල් සේවා ක්ෂේත්‍රය සවි බලගැන්වීමේ ප්‍රමුඛයා බවට පත්කර ගනිමින් මොබිටෙල්විසින් දියත්කරනු ලබන තවත් ජාතික ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.

MedHack තරගයේ පළමු අදියරයෙදී ඕනෑම කෙනෙකුට තරගයේ වෙබ් අඩවියට පිවිස තාක්ෂණය යොදාගනිමින් දියුණු කළ හැකි හෝ විසඳිය හැකියැයි තමන් විශ්වාස කරන, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඔවුන් මුහුණ දුන් ගැටළු ඉදිරිපත් කළ හැකිය. මෙසේ ලබාගන්නා ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයින් විසින් සමාලෝචනය කර, තරග අභියෝගතා ලෙස වෙබ් අඩවියේ පළ කරනු ලබයි.

ප්‍රකාශයට පත් කරන ලද එම අභියෝගයන් සමඟින් Hackathonය සඳහා ලියාපදිංචිය අගෝස්තු 25 වනදා සිට https://mic.lk/medhack/sin/ වෙබ් අඩවිය ඔස්සේ ඇරඹෙන අතර, මේ සඳහා ලියාපදිංචි වියහැකි අවසන් දිනය වනුයේ සැප්තැම්බර් 14 වනදාය. ලැබෙන අයදුම්පත් අතරින් තෝරාගන්නා කණ්ඩායම් සැප්තැම්බර් 18 වනදා ප්‍රකාශයටපත්කරන අතර, Hackathon තරගය සැප්තැම්බර් 23 සහ සැප්තැම්බර් 24 දෙදින පුරා Trace Expert City හි පිහිටිMobitelනවෝත්පාදන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. MedHackතරගය සහ ලියාපදිංචිවීම සඳහා https://mic.lk/medhack/sin/ වෙත පිවිසෙන්න

    

නව අදහස දක්වන්න