HNB ATM ජාලය ඔස්සේ HUTCH රී ලෝඩ් පහසුකම් | දිනමිණ

HNB ATM ජාලය ඔස්සේ HUTCH රී ලෝඩ් පහසුකම්

HUTCH සිය පාරිභෝගිකයින් වෙත දින 7 පුරා පැය 24 තිස්සේ ක්‍රියාත්මක රීලෝඩ් සේවාවක් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා හැටන් නැෂනල් බැංකුව හා එක්ව මෙම රී ලෝඩ් සේවාව ක්‍රියාත්මක වෙයි. මේ යටතේ හැටන් නැෂනල් බැංකුවට (HNB) අයත් දිවයින පුරා විහිදී ඇති ATM, Cash Deposit Machines සහ Kiosk යන්ත්‍ර ඔස්සේ මෙම රීලෝඩ් පහසුකම් ලබාගත හැකිවෙයි.

දිවයින පුරා පිහිටුවා ඇති 500 කට අධික HNB ATM යන්ත්‍ර ඔස්සේ මෙම රී ලෝඩ් පහසුකම ලබාගත හැකි අතර HNB ගනුදෙනුකරුවන්ට පමණක් සීමා නොවී HNB Cash Deposit Machines සහ Kiosk යන්ත්‍ර හරහා ඕනෑම පාරිභෝගිකයෙකුට මෙම පහසුකම ලබාගත හැකිවෙයි. තවද HUTCH top up සහ බිල්පත් ගෙවීම් ද HNB online banking ඔස්සේ සිදු කළ හැකිය. මෙම ස්වංක්‍රිය top up පහසුකම් පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් රාත්‍රී කාලයේදී සහ සති අන්ත දිනවලදී පාරිභෝගිකයින්ට මහත් පහසුවකි.

HUTCH හා HNB එක්ව ගෙන එන මෙම නවතම සේවාව පිළිබඳව අදහස් දක්වමින් HUTCH ශ්‍රී ලංකා හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (බෙදාහැරීම්) මෙල්රෝයි තෝමස් මහතා සඳහන් කළේ HUTCH නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයන්ගේ, ජංගම දුරකථන අත්දැකීම් පුළුල් කිරීම සඳහා කටයුතු කරන බවයි.

සිය පාරි‍භෝගිකයින්ගේ කාර්ය බහුල ජීවන රටාව පහසු කරලීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දුන් බව ද හෙතෙම කියා සිටියේය.

නව අදහස දක්වන්න