මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ | දිනමිණ

මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති ව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස ප්‍රසිද්ධ ගවුරි ලංකේෂ් ඝාතනය කර තිබුණේ, බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවසේදී ය.

ගවුරි ලංකේෂ් දකුණු ඉන්දියාවේ විකල්ප දේශපාලන සඟරාවක ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරිය ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ අපහාස නඩුවකට අදාළව ඇය වැරදිකරු බවට ද පත්ව මාස 06ක සිර දඬුවම් නියම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්ති කිහිපයක් හේතුවෙනි.

කර්නාටක ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු ඇමති රාමලිංගා රෙඩි පවසන්නේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ය.

අදහස් 1ක් ඇත

baluwahama sanniwedanaya sundara wagema bhyanakayi!

නව අදහස දක්වන්න