20 කෙටුම්පත ඒකමතිකව උතුරේදී පරදී - UPDATE | දිනමිණ

20 කෙටුම්පත ඒකමතිකව උතුරේදී පරදී - UPDATE

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට පත් කරනු ලැබීය.

පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ‍ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා  විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළා‍ත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පැවසීය.

විග්නේශ්වරන් එහි දී පැවසූවේ නව  ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවයි

20 අද උතුරට ඉදිරිපත් කෙරේ - UPDATE 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

උතුරු පළාත් සභාවේ සභාපති සී.වි.කේ. සිවඥානම් සදහන් කළේ සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්විමට අදාල විවාදය අද දිනයේ පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්  මීට පෙර සදහන් කළේය.

නව අදහස දක්වන්න