ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් | දිනමිණ

ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස්  කුමාර් මුදාහැරී යැයි සැකපිට  රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් ජයසිංහ ලබන 13 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ පසුගිය ජුලි 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අද දන කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහෙස්ත්‍රාත් නොමැති වීමෙන් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෙසේ ලබන 11 වනදා නඩුව කැඳවීමට නියෝග කරනු ලැබීය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

නව අදහස දක්වන්න