හොඳම වට්ටෝරුවට මහනුවර ස්විස් රෙසිඩන්ස් දිනාගනී | දිනමිණ

හොඳම වට්ටෝරුවට මහනුවර ස්විස් රෙසිඩන්ස් දිනාගනී

අසේල කුරුළුවංශ

හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුත්ක සූපවේදීන්ගේ ආහාර පිසීමේ කලාව (Culinary Art Exhibition ) සම්බන්ධ කුසලතා එළිදැක්වීම හා ඒවා ඇගයීම වෙනුවෙන් ‍ලෝක සූපවේදීන්ගේ සංගමය (World Chef Association) හා ශ්‍රීලංකා සූපවේදීන්ගේ සංගමය (Sri lanka Chef Association) එක්ව සංවිධානය කළ Culinary Art Exhibition 2017 තරඟයේ මධ්‍යම ප්‍රදේශයේ හොඳම කණ්ඩායම් ඉදිරිපත් කිරීම සඳහා වන රන් සම්මානය (Hill country Best Regional Team Award) මහනුවර ස්විස් රෙසිඩන්ස් (Swiss Residence) හෝටලයට හිමිවිය.

හෝටලය නියෝජනය කරමින් මෙම තරඟයට ඉදිරිපත්වූ කණ්ඩායමට රන් පදක්කමක්,රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් 18 ක් හිමිව තිබූ අතර ඔවුන් ඇගයීමේ උත්සවයක් පසුගියදා හෝටලයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ සරත් බණ්ඩාර විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හෝටලයේ ප්‍රධාන සුපවේදී මහේෂ් ජයමුණි මහතාගේ මඟ පෙන්වීම මත ඩී.ජී.ආර් මධුභාෂීනී,ඕ.ටී.ටී ඕවිටිගල,එස්.බී විරසේකර,ඩී.ඩී රාපක්ෂ,ජී.එන් කුමාර,ආර්.ඒ තිලකසිරි,ජී.එච් ධර්මරත්න,එම්.එස් රත්නායක,ඩී.එස් කස්තුරිආරච්චි,එම්.බී වන්නකුආරච්චි,පී.කේ සමරතුංග,සී.ජී විරසීංහ යන අය තරඟයට එක්ව මෙම ජයග්‍රහණ අත්පත් කරගෙන තිබිණි.

මෙරට ප්‍රධාන පෙළේ හෝටල් නියෝජනය කරමින් තරඟකරුවන් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලියට ඉදිරිපත්ව සිටි බවත් ඒ අතරින් සුවිශේෂි දක්ෂතා දක්විමින් හෝටලයේ සේවක පිරිස ජත්‍යන්තර අවධානයට පාත්‍රවන ආකාරයේ නිර්මාණ කරමින් ස්විස් රෙසිඩන්ස් හෝටලයට මධ්‍යම ප්‍රදේශයේ රන් සම්මානය ලබාදීම අගය කරන බව සරත් බණ්ඩාර මහතා කීය.

 

නව අදහස දක්වන්න