කාබනික පොහොරින් වහලක් ගොවිබිමක් කළ වරකාමුර ගොවි මහතා | දිනමිණ

කාබනික පොහොරින් වහලක් ගොවිබිමක් කළ වරකාමුර ගොවි මහතා

පාසල් වියේදීම ගොවිතැනට සිත යොමුවී අද රටට ආදර්ශවත් ගෙවි මහත්මයෙකි වරකාමුර ඉර්ෂාඩ් මහතා. වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයෙන් තාක්ෂණික ක්‍රමවලට නොගොස් ඉවතලන ප්ලාස්ටික් භාජන ප්‍රයෝජනයට ගෙන කොන්ක්‍රීට් වහලයක් උඩ මේ ගෙවත්ත නිමවා ඇත.

ඉර්ෂාඩ් මහතා නාගරික ගොවි මහතෙක් ලෙස ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ හොදම ගොවියා ලෙසිනි.මුලින්ම වගාවක් කිරීමට පෙර ඔහු ඉවතලන විවිධ ප්ලාස්ටික් භාජන, පොහොර බෑග්, බාල්දි ඇතුළු ඉවතලන සියලු භාණ්ඩ සොයා ගනී. ඔහුගේ මේ කටයුතුවලට කෘෂිනිලධාරිවරිය ද උදව් කළාය. අඩියෙන් අඩිය ඉදිරියට යමින් කුඩාවට පටන් ගත් එළවළු වගාව අද වන විට අක්කර දෙකකට ආසන්න බිමක විවිධ භාණ්ඩ යොදාගෙන අලංකාර ගොවිබිමක් ලෙස නිර්මාණය කර ඇත. මේ සඳහා ඔහුට සිය බිරියගේ සහයෝගය ද නොමදවම ලැබේ.

ඉතා සැහැල්ලුවෙන් ජීවිකාව කරගෙන යන ඉර්ෂාඩ් මහතා කෙනෙක් අඬාගෙන ඉපදෙනවානම් සිනාසී සිටීම වැදගත් මෙන්ම මරණය දක්වාම එලෙස සිටීම වැදගත් බව ද කියයි. ඒ නිසා තමන් උගත් දෙයින් කෙනෙක් යමක් ඉගෙනගෙන ඉලක්කයක් කරා සිනාවෙන් යුතුව යන්නේ නම් කිසිවිට නොවරදින බව බුදු දහමේ ද සඳහන් බව කීය. කෙනෙකුට වස විස නැති ආහාරයක් ලබාදීම ඉතා වැදගත් සද්ක්‍රියාවක් බවද ඔහු පවසයි. අද වන විට ඉර්ෂාඩ් මහතාගේ ගොවිපොළේ එළවළු පමණක් නොව කුළුබඩු, බෙහෙත් පැළ ඇතුළු සියලු පැළ වර්ග දකින්නට තිබේ. ගොවිපොළ තුළ ගොවි කෞතුකාගාරයක්, පැරැණි භාණ්ඩ ප්‍රදර්ශනව කිරීමට ද ඔහුගේ අපේක්ෂාව වී තිබේ. පැරැණි භාණ්ඩ ඇතොත් ලබාදීමට කාරුණික වන ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

නව අදහස දක්වන්න