කොරොල්ලා පෙරළිය | දිනමිණ

කොරොල්ලා පෙරළිය

පැරැණි ඉතිහාසයකව දිවයන සිය 50 වැනි සංවත්සරය සැමරූ ටොයෝටා කොරොල්ලා මෝටර් රථය ලාංකීය ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් පසුගිය (20) දා සිදු කරන ලදී. දිවයිනේ නන් දෙසින් පැරණි කොරොල්ලා මෝටර් රථ හිමිකරුවන් 60කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සිය 3 වැනි රැලිය බණ්ඩාරගම සිට පිළියන්දල දක්වා පැවැත්විය.

මේ රැළිය ගැන සංවිධායක මණ්ඩලය අදහස් දක්වමින් පැවසූයේ මෙහි මූලික අරමුණ වී ඇත්තේ දැනට ලංකාවේ ඉතිරි වී ඇති පැරැණි ටොයෝටා කොරොල්ලා මෝටර් රථ රැකගැනීම බවය. එමෙන්ම මේ රථ සමාජය ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ facebook සමාජ ජාලය හරහාය. KE20 මාදිලියෙන් ආරම්භ කරන ලද මේ සමාජය අද වන විට 1966 නිපදවන ලද කොරොල්ලා KE10 (First Generation of Corolla) සිට KE55 දක්වා ව්‍යප්ත වී ඇත. මේ මාදිලිවල වාහන හිමිකරුවන් සඳහා මේ සමාජය විවෘත බවත් ඔවුහු පැවැසූහ.

ලංකාවේ ප්‍රථම වතාවට පැරැණි ජපන් මොටර් රථ සඳහා පවත්වන ලද රැළිය ද මෙය වන අතර මේ රථ සඳහා ලංකාවේ ජපන් නියෝජිත ආයතනය වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම ද සිය සහයෝගය මේ සඳහා ලබාදුන් බව සංවිධායක මණ්ඩලය පැවැසූහ.

සුෙර්ෂ් ප්‍රනාන්දු

නව අදහස දක්වන්න