රන්ජන්ට එරෙහිව නීතිඥ සංගමයෙන් නඩුවක් | දිනමිණ

රන්ජන්ට එරෙහිව නීතිඥ සංගමයෙන් නඩුවක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විනිසුරුවන්ට හා නීතිඥවරුන්ට අපහස වන අන්දමින් සිදු කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සභාපති, යූ.ආර්.ද සිල්වා මහතා කියා සිටියේ, පසුගිය 23වනදා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී රන්ජන් රාමනායක මහතා විසින් බහුතර නීතිඥයින් දූෂිත පුද්ගලයින් බව පැවසීම තරයේ හෙළා දකින බවයි.

කෙසේ වෙතත් නීතියේ ආධිපත්‍ය පවතින්නේ විශ්වාසය මත බවත්, යම් කෙනෙක් ඒ විශ්වාසය නැති කිරීමට උත්සහ ගන්නේ නම් ඔහු අධිකරණය ඉදිරියට ගෙන ඒමේ වගකීම ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සතු වන බවයි.

එමෙන්ම ඔහු සතුව දූෂිත නීතීඥයින් පිළිබද යම් තොරතුරක් ඇත්නම් එය හෙළි කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් එය අධිකරණයට කරන ලද අපහාසයක් බවත්, සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 තුන් වන වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීම යටතේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ද කියා සිටියේය.

අදහස් 1ක් ඇත

eya nithiya hadarala nahaneda?

නව අදහස දක්වන්න