සිල් රෙදි නඩුවේ තීන්දුව දෙන්න සූදානම් | දිනමිණ

සිල් රෙදි නඩුවේ තීන්දුව දෙන්න සූදානම්

ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 07 වැනිදා ලබාදීමට නියමිතයි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය මේ බව පැවසීය. 

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටිනේනේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන විත්තිකරුවන්ය.

විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි විභාගය අවසන් කොට ඔවුන් වෙනුවෙන් පැවැත්වූ වාචික දේශන සහ ලිඛිත දේශන ගොනු කිරීම්ද අවසන් කිරීමෙන් පසු නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇති. 

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් යොදා ගනිමින් සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණි.

අදහස් 1ක් ඇත

reddak dila, sil ganwanna awassya naha , lankawe yojana saha , dimana harima moda akalpaya, anthimata nadiwala kale kanawa! kohomada rata idiriyata geni yanne,

නව අදහස දක්වන්න